විද්‍යාලයීය නිළ ඇඳුම:-
පිරිමි ළමුන් සඳහා
කොණ්ඩය
- අමතර විලාසිතා වලින් තොරව කොණ්ඩය කොටට කපා තෙල් ගා හොඳින් පීරා විදුහලට පැමිණිය යුතු අතර විශේෂයෙන් පහත පරිදි කොණ්ඩය සකස් කර නොගත යුතුය.
- කොණ්ඩය ඉදිරියට නෙරා සිටින සේ පිටු පසට පීරීම.
- ප්‍රමාණයට වඩා හිස වටේ කොණ්ඩය කොටට කැපීම.
- පිටුපසින් කොණ්ඩය වැටෙන්නට ඉඩහැරීම හා පිටුපස කොණ්ඩය හරහට කැපීම.
- ප්‍රමාණයට වඩා දිගට හෝ කොටට දෙකන් ඉදිරිපස සයිඩ්බර්න්ස් වැවීම.
- ඉදිරියට පීරූවිට ඇස්වලට පහළින් සිටින සේ කොණ්ඩය දික්ව වැවීම.
රැවුල
- දැලි රැවුල මුහුණෙහි පැහැදිලිව පෙනෙන විට කැපීම ආරම්භ කළ යුතුය.
- දැලි රැවුල කැපීම ආරම්භ කළ පසු ශිෂ්‍යභාවය තිබෙනතාක්කල් දිනපතා සම්පූර්ණ රැවුල කපා පැමිණිය යුතුය.
කමිසය
- සුදු අත්කොට කමිසය පමණක් ඇඳිය යුතුය.
- කමිස කොළරය විලාසිතාවලින් තොරව සාමාන්‍ය ප්‍රමාණයෙන් විය යුතු අතර බොත්තම් හෝ අයිලට් යොදා කරට සවි නොකළ යුතුය.
- කමිසයේ ඉදිරිපස හෝ පිටුපස රැළි නොයෙදිය යුතුය.
- වර්ණවත් බොත්තම් හෝ අකුරු බොත්තම් ඇලුලූ කමිස නොඇඳිය යුතුය.
- තනි සාක්කුවක් පමණක් තිබිය යුතු අතර සාක්කුවේ කිසිදු ලාංඡනයක් නොතිබිය යුතුය.තවද ඇතුල් පැත්තට සාක්කු මැසූ කමිස ඇඳීමද නොකළ යුතුය.
- කමිසය ඉදිරිපස බොත්තම් මැදිවන සේ බෑන්ඩ් යෙදූ කමිස ඇඳීමද නොකළ යුතුය.
- අත්කොට කමිසයේ අත වැලමිටෙන් අඟල් 2 ක් පමණ ඉහළින් සිටිය යුතුය. එමෙන්ම අතේ වාටිය අඟල් 3/4 ක් පමණ විය යුතු අතර අතේ ප්‍රමාණයට වඩා විශාල වූ අත් සහිත (බැගී) කමිස නොඇඳිය යුතුය.
- කමිස කරෙහි බොත්තම හැර අන් බොත්තම් සියල්ල දමා (පියවා) නිසි පරිදි කලිසමට යටකර කමිසය ඇඳිය යුතුය.
- සෑම කමිසයකම සාක්කුවේ ඔබගේ දකුණු පසට වන්නට පාසලේ නිල ලාංඡනය මසා ගත යුතු වන අතර එම නිල ලාංඡනය සහිත කමිස පමණක් ඇඳ පාසල් පැමිණිය යුතුය .
දිග කලිසම
- 10 වසරින් ඉහළ සියලු පිරිමි ළමුන් දිග කලිසම ඇඳිය යුතුය.
- තනි සුදු රෙද්දෙන් පමණක් මසා ගත යුතුය.
- කලිසමේ ඉන පටිය (බෑන්ඩ්) අඟල් 1 1/4 කට වඩා පළල් නොවිය යුතු අතර එහි පුඩු (ලූපස්) නොයෙදිය යුතුය.
- ඉන පටිය තද කරන හක් එක කලිසමේ හරි මැදට සවි නොකල යුතුය. එය දකුණු පසට අඟල් 2 1/2 ක් වන සේ සවි කිරීමට හැකි වන පරිදි සවි කල යුතුය.
- කලිසම ඉදිරිපස එක් පැත්තක රැලි 2 කට වඩා නොතිබිය යුතුය. එමෙන්ම රැලි නොමැතිව ඇඳීමටද ඉඩදෙනු නොලැබේ.
- කලිසම දෙපත්තේ සාක්කු අමතර විලාසිතා වලින් තොරව විය යුතු අතර කෙලින් හෝ තරමක් ඇලව මසා ගත යුතුය.
- පිටුපස සාක්කු එකක් පමණක් තිබිය යුතු අතර සාක්කු මැස්මක් නොතිබිය යුතුය. පැච් පොකට්ස් ක්‍රමයට මසා ඇඳීමට ඉඩදෙනු නොලැබේ.
- සීරුවෙන් සිටගත් විට කකුල් මේස් නොපෙනෙන පරිදි එහෙත් සපත්තු අඩියේ සිට අඟල් 1 1/2 ක් පමණ ඉහළට වාටිය සිටින සේ මසා ඇඳිය යුතුය.
- පෝල්ට් එක තම සිරුරේ ප්‍රමාණය අනුව අඟල් 14-17 අතර වන පරිදි මසා ගත යුතුය.
- පෝල්ට් එකේ වාටිය අඟල් 1 1/2 පළලට ඇතුලට යවා නූල් ඇද තිබිය යුතු අතර වාටිය පිටට නවා හෝ වාටිය කුඩාවට මසා ඇඳීමට ඉඩ දෙනු නොලැබේ.
- කලිසමේ ඉණ හා දණහිස අතර කොටස ප%මාණයට වඩා කුඩාවට හෝ ප්‍රමාණයට වඩා විශාලව මසා ඇඳීමට ඉඩ දෙනු නොලැබේ.
කොට කලිසම
- 6 වසරේ සිට 10 වසර තෙක් වූ පිරිමි ළමුන් කොට කලිසම ඇඳිය යුතුය.
- සුදු පාටින් පමණක් කොට කලිසම මසා ගත යුතුය.
- කලිසමේ ඉන පටිය (බෑන්ඩ්) අඟල් 1 1/4 කට වඩා පළල් නොවිය යුතු අතර එහි පුඩු (ලූපස්) නොයෙදිය යුතුය.
- ඉන පටිය තද කරන හක් එක කලිසමේ හරි මැදට සවි නොකල යුතුය. එය දකුණු පසට අඟල් 2 1/2 ක් වන සේ සවි කිරීමට හැකි වන පරිදි සවි කල යුතුය.
- කලිසම ඉදිරිපස එක් පැත්තක රැලි 2 කට වඩා නොතිබිය යුතුය. එමෙන්ම රැලි නොමැතිව ඇඳීමටද ඉඩදෙනු නොලැබේ.
- කලිසම දෙපත්තේ සාක්කු අමතර විලාසිතා වලින් තොරව විය යුතු අතර කෙලින් හෝ තරමක් ඇලව මසා ගත යුතුය.
- පිටුපස සාක්කු එකක් පමණක් තිබිය යුතු අතර සාක්කු මැස්මක් නොතිබිය යුතුය. පැච් පොකට්ස් ක%මයට මසා ඇඳීමට ඉඩදෙනු නොලැබේ.
- කලිසමේ වාටිය තමාගේ දණහිසට අඟල් 3 ක් පමණ වන සේ මසා ගත යුතුය.
- වාටිය අඟල් 1 1/2 පළලට ඇතුළට නවා ඇද මසා තිබිය යුතු අතර කලවයේ ප්‍රමාණයට වඩා විශාලව හෝ තදට කලිසම් කකුල් මසා නොතිබිය යුතුය.
පාවහන්
- තද කළු පාට අමතර විලාසිතා නොමැති සරල පාවහන් පමණක් පැළදිය යුතුය.
- මේස් සුදු පාට ඒවා විය යුතු අතර මේස් උඩ කෙළවර ඉරි සහිත ඒවා නොවිය යුතුය.
- විවිධ මෝස්තර වලට විවිධ ලාංඡන සවි කරන ලද පාවහන් නොපැළදිය යුතුය.
- වළලු කර වැසී යන සේ ඇති ඇන්කල් බූට්ස් පැළදීම සම්පූර්ණයෙන් ම තහනම් බව මතක තබා ගත යුතුය.
- කකුලේ ආබාධයක් ඇති අවස්ථා වලදී පමණක් සෙරෙප්පු පැළඳීමට අවසර ඇත. එවැනි දිනක එසේ සෙරෙප්පු පැළදීමට හේතු ගේට්ටු අසල සිටින ශිෂ්‍ය නායක මණ්ඩලයට පන්තියට පැමිණි පසු පන්ති භාර ගුරුතුමාට විෂය භාර ගුරුතුමාට පැවසිය යුතුය.එහෙත් එවැනි විටකදී ද පැළදිය යුත්තේ කළු පටි සෙරෙප්පු පමණි.
ගැහැණු ළමුන් සඳහා
ගවුම
- අඟල් 1 රැලි දමා මැසිය යුතුයි. වාටිය දණහිස් වැසෙන සේ තිබිය යුතුය.
- කොලරය නිසි පරිදි තිබිය යුතු අතර ටයි පටිය ගැට ගැසූ පසු පසින් එය වැසෙන පරිදි කොලරය පළල් විය යුතුය.
- අත්වල රැලි නොතිබිය යුතු අතර ගවුමේ අත වැලමිට දක්වා නොතිබිය යුතුය.
- ඉඟ වාටිය අවශ්‍ය පමණට වඩා ඉහළින් හෝ ඕනෑවට වඩා පහළින් සිටින පරිදි මසා ඇදීම තහනම්ය.
- සෑම ශිෂ්‍යාවක්ම විද්‍යාලීය ටයි පටිය පැළදිය යුතු අතර එය විදුහලට පැමිණ ආපසු නිවස වෙත යනතෙක්ම පැළඳ සිටිය යුතුය. පාසලට පැමිණි දිනයකදී ටයි පටිය නොමැතිව නගරයේ හෝ වෙනත් ස්ථානයක ගැවසීම තද බල වරදකි.
පාවහන්
- සුදු මේස් සහිත සුදු පාවහන් පමණක් පැළඳිය යුතුය.
- වළලු කර වැසී යන සපත්තු නොපැළදිය යුතුය.
- මේස් නවා ඇඳිය යුතුය.
කොණ්ඩය
- කන් නොවැසෙන සේ පීරා කරල් දෙකක් වන සේ ගොතා අගින් නමා කළු රිබන් වලින් බැඳිය යුතුය.
- කොණ්ඩය කපා දික් වී ඇත්නම් පීරා කටු ගසා පටියකින් බැඳීම අවශ්‍යය.
- කිසි විටකත් කොණ්ඩය නළලට වැටෙන පරිදි හෝ අවුල් වී හෝ නොතිබිය යුතුය.
අමතර කරුණු
- විවිධ වර්ගයේ මාල, පාමුදු, අතැඟිලි මුදු, අත් ඔරලෝසු, විවිධ මාදිලියේ වළලු පැළදීමද විලාසිතාවක් ලෙස නූල් අතේ පැළඳීමද නොකළ යුතුය.
- මුදල් පසුම්බි පාවිච්චි කිරීම නොකළ යුතුය.
- ඇඳුම් හොඳින් සෝදා මැද පිරිසිදුව පැමිණිය යුතුය.
- තවමත් විදුහලේ ඉගෙනීමට හිමිකම් ඇති අ.පො.ස සාමානH පෙළ හෝ උසස් පෙළ විභාගයට එක් වරක් පෙනී සිට නිවසේ සිටින සිසුවෙකු විදුහල පවත්වන වේලාව තුළ මොනම හේතුවක් නිසාවත් සම්පූර්ණ නිළ ඇඳුමින් තොරව විදුහලට නොපැමිණිය යුතුය.
- තමා විද්‍යාලයෙන් අස්ව ගිය පසුව වුවද සහතික ලබා ගැනීමට හෝ වෙනත් අවශ්‍යතාවයක් සඳහා විදුහලට පැමිණෙන විට විදුහලේ ගෞරවය ආරක්ෂා වන පරිදි සුදුපාටට හුරු චාම් ඇඳුමකින් සැරසී පාසලට පැමිණිය යුතුය.
- පාසල් සිසුවකු සති අන්ත හෝ නිවාඩු කාලීනව පාසලේ පැවැත්වෙන උපකාරක පන්ති වලට හෝ ගෘහ විද්‍යාව, නැටුම්, සංගීත් ආදී ප්‍රායෝගික පුහුණුවීම් පන්තිවලට හෝ කී%ඩා පුහුණුවීම් වලට පැමිණෙන විටෙක සම්පූර්ණ නිළ ඇඳුමින් සැරසී පැමිණිය යුතුය.