බිබිලාදෙණිය ශ්‍රී ගුණානන්ද මධ්‍ය මහා විද්‍යාලය

මාධ්‍ය සංසදයේ රැස්වීම

morningmeeting2.jpeg
morningmeeting2.jpeg

විදුහල්පති පණිවිඩය

S.M.A.U.සත්කුමාර මයා

"රටක වටිනාම ආයෝජනය අධ්‍යාපනය වෙනුවෙන් සිදු කරන වියදමයි. රටේ ජාතික ධනයෙන් අති විශාල ධනස්කන්ධයක් වැය කරන්නේ සමබර පෞරුෂයකින් හෙබි සැබෑ උගතුන්, දක්ෂයන් රටට බිහි කිරීමේ මා හැගි දායකත්වය නිවැරදිව ඉටු කිරීමේ උදාර පරමාර්ථයෙනි. සැමගේ වගකීම විධිමත් සංවිධානයක් ලෙස පාසල ඒ සදහා සූදානම් කිරීමයි.

එළඹෙන අභියෝගයනට සාර්ථකව එළඹි සිහියෙන් ප්‍රතිචාර දක්වන, වේගයෙන් වෙනස්වන සමාජ රටාවට අනුගත නව ලෝක ප්‍රවණතා හමුවේ පසුගාමී නොවන, සංවේදී දරු පිරිසක් නිර්මාණය කර සමාජ ගත කිරීමේ කාර්යභාරය ඉටු කරන පාසල දෙස සුබවාදී ආකල්පයකින් බැලීම කාලෝචිතය.

හොවාර්ඩ් ගාඩ්නර්ගේ "බහුවිධ බුද්ධි න්‍යාය" අනූව දරුවන්ගේ හැකියා විවිධය. ඔවුනට තම ලැදියා හැකියා අනූව විශිෂ්ටයකු වී රටට උපරිම සේවයක් සලසන්නට අවැසි කායික මානසික ශක්තිය ගොඩනැංවීම සදහා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය මෙන්ම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ වෙනුවෙන් වඩාත් කැපවූ කාර්ය මණ්ඩලයකින් හෙබි, දරුවන් සතුටින් ඉගෙන ගන්නා පාසලක් ලෙස බිබිලාදෙණිය ශ්‍රී ගුණානන්ද මධ්‍ය මහා විද්‍යාලය හැදින්වීම වඩාත් සුදුසු වේ. ඒ වෙනුවෙන් අවංකව කැපවන සහාය වන සැමට තුති පුදමි. " 

 

 

S.M.A.U.සත්කුමාර මයා
විදුහල්පති
කුලි/බිබිලාදෙණිය ශ්‍රී ගුණානන්ද මධ්‍ය මහා විද්‍යාලය.